A Brand of Non Media Shout (Private) Limited

අපි දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා විවාහ වුනේ

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන විවාහ මංගල්‍යයක් තමයි ජනප්‍රිය සුරූපී නිලි ටනාෂා හතරසිංහගේ සහ ව්‍යාපාරිකයෙක් වූ අනුරාධ වීරරත්නගේ විවාහ මංගල්‍යය.

මිතුරන් සමග ‌බෙදාගන්න

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන විවාහ මංගල්‍යයක් තමයි ජනප්‍රිය සුරූපී නිලි ටනාෂා හතරසිංහගේ සහ ව්‍යාපාරිකයෙක් වූ අනුරාධ වීරරත්නගේ විවාහ මංගල්‍යය. ඉතින් හැංගි හොරා අවුරුදු 5ක් ආදරේ කළ මේ දෙන්නා විවාහ වෙනකම්ම බොහෝ දෙනෙක් දන්නේ නැහැ ටනාෂා ආදරවන්තියක්ද කියලවත්. ඉතින් මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය තරුවක් වූ ටනාෂාගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් විවාහ වුණාට සුපුරුදු පරිදිම දැන් ආපහු වැඩ ටික කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම වෙඩින් එකේ වැඩ නිසා නීල පබළු හා නොනිමි නාට්‍ය දෙකේ ෂූටිං යන්න බැරි වුණා කියලත් ඇය කියනවා. ඉතින් වෙඩින් එක ඉවර වුණු ගමන් ඇයට ආයෙමත් එක දිගට වැඩ කරන්න සිදු වුණාලු. ඒකයි සිද්ධ වුණේ.

කොහොම නමුත් මේ දෙන්නා අවුරුදු 5ක් ආදරේ කරලා තමයි විවාහ වෙලා තියෙන්නේ. ඉතින් ඇයගේ ආදරණීය සැමියා තමයි අනුරාධ වීරරත්න. ඉතින් ඔහු ව්‍යාපාරිකයෙක් ඇය නිළියක් කියලා ඔහු දැනගෙන හිටියට මුලින් කතාබහ කරද්දී එයා ව්‍යාපාරිකයෙක් කියලා ඇය දැනගෙන හිටියේ නැහැ කියලයි ටනාෂා නම් කියන්නේ. මොකද ඇය ආදරේ කරේ අනුරාධ කියන පුද්ගලයාගේ තිබුණු හොඳ ගතිගුණ නිසා.

 

ඒ වගේම ඇයගේ පවුලේ ගෑනු අය විතරක් හිටපු නිසා දැන් ඇයගේ අම්මට අනුරාධ හොඳ පුතෙක් වගේම ඇයගේ නංගිලාට හොඳ අයියා කෙනෙක් වගේ කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ජීවත් වෙන්න සුදුසුම කෙනා මුණගැහුන නිසා එයාගේ රස්සාව බලන්න ගියේ නැහැ කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ආදරේ කළා, විවාහ වුණා මිසක් ඇයගේ විවාහය ඇය ෆැෂන් එකක් කර ගත්තේ නැහැ කියලත් ඇය කියනවා.

 

ඒ වගේම ඇයට හොඳට උයන්න පුළුවන් කියලයි ටනාෂා නම් කියන්නේ. ඒත් නිතරම උයන කෙනෙක් නෙමෙයි නිසා කසාද බැඳලා ආවට පස්සෙ නම් තවම උයන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය නිළියක් වෙන්නේ කැමරාව ඉස්සරහා විතරක් නිසා එතැනින් එහාට හරි සිම්පල් ජිවිතයක් ගෙවනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

තවත් පුවත්