A Brand of Non Media Shout (Private) Limited

ජනප්‍රිය ගායිකා දිල්කි උරේෂා යුග දිවියට

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දැන්නම් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී ගායන ශිල්පිනියක් තමයි දිල්කි

මිතුරන් සමග ‌බෙදාගන්න

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දැන්නම් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම හඳපානේ, සත්තයි මට ඔබ වාගේ, හුස්මක් තරමට, හදවතට එකගව, ඔබට ආදරෙයි මන්, ලිය ලියා දුන්, මගෙන් දුර වැනි ගීත බොහොමයක් හරහා රසික හදවත් සොරා ගැනීමට හැකිවූ මේ අපූරු ගායන ශිල්පිනිය නිරන්තරයෙන්ම අලුත් අලුත් ගීත හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

කොහොම නමුත් ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන්නේ පහුගිය දවසක ළමා සංගීත කණ්ඩායමක් වන ආශාවරී සංගීත කණ්ඩායම සමඟ ඇය ගීත ගායන කිරීමට ගිය අවස්ථාවේ සිදුවූ යම් සිද්දියක් නිසයි. කොහොම නමුත් මේ අපූරු ගායන ශිල්පිනිය පහුගිය දවසක ඇයගේ ආදරණීය පෙම්වතා වන නදුන් ගිම්හාන සමඟින් ආදරණීය සුන්දර වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඒ වගේම මේ අපූරු අවස්ථාවේදී මේ ආදරණීය යුවලව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන ලක්මාල් සිංහරගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඒ වගේම දිල්කි උරේෂා පුංචි කාලයේ ඉඳලම සංගීතයට ගොඩක් කැමතියි කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ අම්මා කියන විදියට ඇය බහතෝරන කාලේ ඉඳලා වචන අහුලගෙන සින්දු කියලා තියෙනවා. ඒ වගේම ඇයගේ හැකියාවන් දියුණු කර ගන්න ගෙදරින් ඇයව සංගීතය පැත්තටම උනන්දු කරළා තියෙන්නෙත් ඇයගේ ආදරණීය මව. ඉතින් එහෙම තමයි ඇය ගායිකාවක් වෙන්න පටන්ගැන්ම අරගෙන තියෙන්නේ.

කොහොම නමුත් දිල්කි උරේෂා ඇයගේම උත්සාහයෙන්, මහන්සියෙන් තමයි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඇය කළා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු හයක් වගේ කාලයක් ගතවෙලා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට මේ අවුරුදු හයක ගමන ඇතුළේ බාධක සෑහෙන්න තිබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අදටත් ඒවගේ අඩුවක් නැහැ කියලත් ඇය කියනවා. නමුත් ඇයගේ උත්සාහය අත් හරින්න ඇය කොතැනකදීවත් තීරණයක් ගත්තේ නැහැ කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ නිසාම අදටත් එන හැම අභියෝගයකටම මුහුණ දෙමින් ඇයගේ ගමන ඇය හෙමීට යන නිසා කවුරුවත් පරද්දන්නවත්, ඉක්මනින් ජනප්‍රිය වෙන්නවත්, කාගෙවත් අවස්ථාවක් නැති කරන්නවත් වුවමනාවක් නැහැ කියලත් ඇය කියනවා.

කොහොම නමුත් දිල්කි උරේෂාටත් ඇයගේ ආදරණීය කඩවසම් පෙම්වතා නදුන් ගිම්හානටත් අපි හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය යුවලගේ ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

තවත් පුවත්