A Brand of Non Media Shout (Private) Limited

දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතිව දෙදරු පියා පොල් ගසකට නැග විරෝධතාවේ…

මහ වස්කඩුව ප‍්‍රදේශයේ පදිංචි නිමලරත්න නමැති දෙදරු පියෙකු අඩි 150 ක් පමණ උසැති පොල් ගසකට නැග තමා ඇතුළු දරු පවුලට කන්න බොන්න විදිහක් නැති

මිතුරන් සමග ‌බෙදාගන්න

මහ වස්කඩුව ප‍්‍රදේශයේ පදිංචි නිමලරත්න නමැති දෙදරු පියෙකු අඩි 150 ක් පමණ උසැති පොල් ගසකට නැග තමා ඇතුළු දරු පවුලට කන්න බොන්න විදිහක් නැති බව පවසමින් ඊයේ (12) විරෝධතාවක නියැලී සිටියේය.

සිද්ධිය සැළවීමත් සමඟ කළුතර උතුර පොලිසියේ රථවාහන අංශ සැරයන් සනත් චන්ද්‍රසිරි විසින් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ලක් රැගෙන පැමිණ ගසින් බිමට බසින ලෙස කළ ඉල්ලීමට අනුව අවනත වී ඔහු ගසෙන් බිමට බැස්සේය.

ඉන් අනතුරුව පොලිස් සැරයන්වරයා රැගෙන ආ වියළි සලාක අඩංගු මල්ල විමලරත්න මහතා වෙත භාරදුන් අතර එය රැගෙන සතුටින් නිවස කරා යන අයුරු දැකගත හැකි විය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිමලරත්න මහතා මෙසේ පැවසීය : මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පොල් ගස් නැගලා ජීවත් වෙන්නේ. කිසි ආදායමක් නැති නිසා මේ දවස් වල ජීවත් වෙන්න විදිහක් නෑ. මට රුපියල් 5000 හම්බවුනේ නැහැ. එක සලාක මල්ලක්වත් හම්බ වුනේ නැහැ. කන්න බොන්න නෑ විදිහක් නැති නිසා ගහට නැග්ගේ බිමට පැනලා දිවි නසා ගන්නයි. උදව් කළ පොලිසියේ මහත්වරුන්ට ස්තූතියි යනුවෙන් පැවසීය.

තවත් පුවත්