A Brand of Non Media Shout (Private) Limited

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබේ

කොළඹ බෙල්ලන්විල රජමහා විහාරය තුළ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අද උදෑසන විහාරස්ථාන භූමිය පිරිසිදු කරමින්

මිතුරන් සමග ‌බෙදාගන්න

කොළඹ බෙල්ලන්විල රජමහා විහාරය තුළ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අද උදෑසන විහාරස්ථාන භූමිය පිරිසිදු කරමින් සිටි පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බය සොයාගෙන ඇති බවයි.

අත්බෝම්බය සොයා ගන්නා අවස්ථාවේදී එය කුණු වලින් වැසී තිබු බව පැවසූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව පැවසුවේ එය කලකට පෙර පන්සලේ තබා ඇති බවට සැක කරන බවයි.

මෙම අත්බෝම්බය පිටත සිට විහාර භූමියට විසි කළ බවට සැක කෙරෙන බව ද ඔහු පැවසීය.

දිගු කලක් එහි සිටියද එය තවමත් ජීව අත්බෝම්බයක් ලෙස පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තවත් පුවත්