ටෙලි තිරයේ ඔබට හුරුපුරුදු නිළි මේධා ජයරත්න කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.
ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.
පසුගිය දවසක යූටියුබ් නාලිකාවක වැඩසටහනක් සමඟ එක්වෙමින් මේධා, ‘ලස්සනට ඉන්න අම්මලාට වෙන අකරතැබ්බ’ ගැන මේ විදිහේ කතාවක් කිව්වා.
“පාරක බැහැලා යන්න ගියත් නිදහසේ බැහැලා යන්න බෑනේ අපිට. බඩුව කියනවා, ෂූ කියනවා. ඒ බමුණු මත වෙනස් කරන්න අමාරුයි.. ලස්සන අම්මා කෙනෙක් වුණාම ප්‍රශ්න වැඩියි. මම නම් ලොකු දෙයක් විදිහට හිතන් නෑ…”
“ලංකාවෙ අය දරුවෝ හම්බුණාම ඔක්කොම අතෑරලා දානවා. හස්බන්ලත් ඉන්නවා, ‘දරුවෙක් ඉන්නවා, ඔහොම ද අඳින්නෙ’ අහනවා. නැන්දම්මලත් ඉන්නවා. දරුවෙක් හම්බුණාම ලයිෆ් එකත් එක්කම ඉවරයි කියලා. දැන් මගේ පුතා මං ගවුමක් ඇන්ඳම මට කියනවා, ‘මොකද්ද අනේ ඔයා ආච්චි කෙනෙක් වගේනේ’ කියලා. මගේ පුතාට අවුරුදු 19යි. එයා ආසයි, අම්මා කෑල්ල වගේ ඉන්නවට. සමහර අය පව්.. එහෙම ඉන්න ආසයි. පවුලත් එක්ක ඉන්න බෑ..”