ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක කාර්ය මණ්ඩලය අද කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරමින් රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.
මෙම සතිය සඳහා වෘත්තීය සමිති කිහිපයක් එක්ව සංවිධානය කර ඇති ‘කළු සතිය’ විරෝධතාවයට බැංකු කාර්ය මණ්ඩලය සිය සහයෝගීතාව පළ කර තිබේ.
විවිධ නීති නොසලකා හරිමින් නව බදු හඳුන්වාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරන බවයි ලංකා බැංකු කාර්ය මණ්ඩලය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. (ninenewslk)