පසුගියදා නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේදී බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
“නානුඔය වින්දිතයන්ගේ පවුල්වලට වන්දි ලබා දෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය සමඟ එක්ව අවසන් වාර්තාව දිසාපතිවරයා විසින් ඉදිරිපත් කළ පසු වන්දි ගෙවීමට එකඟ වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද මා සඳහන් කර තිබුණා.” අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. (ninenewslk)