පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වීමට නියමිතය.
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඉකුත් ජනවාරි 05 වනදා සිට සිදුකෙරුණි
මේ අතර ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් හෙට දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
එසේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ සතියේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තරගවදින ස්වාධීන කණ්ඩායම්වල නායකයන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත අද කැඳවා තිබුණි.