ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ගෙවුණු 2022 වසර වෙනුවෙන් නම් කරන ලද ලෝක විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගත්, එම කාන්තා කණ්ඩායමට ඉනෝකා රණවීරත් ඇතුළත්ව සිටී.
ලොව විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි 2022 වසර අවසන් වන තෙක්ම වනිඳු අංක එක ස්ථානයේ රැඳී සිටි අතර මේ වන විට ඔහු ප්‍රසාද ලකුණු 695ක් සමගින් අදාළ ශ්‍රේණියේ දෙවැනි ස්ථානයේ රැඳී සිටී.
වනිඳු හැරුනු විට 2022 විස්සයි විස්ස ලෝක කණ්ඩායමෙහි ස්ථාන වෙන්කර ගැනීමට එකඳු ශ්‍රී ලංකා ක්රීඩකයකුට හෝ අවස්ථාවක් නොලැබිණි.
අදාළ කණ්ඩායමේ නායකත්වය විස්සයි විස්ස ලෝක ශූරයන් වූ එංගලන්ත නායක ජොස් බට්ලර්ට හිමිව තිබේ.
2022 විස්සයි විස්ස කණ්ඩායම
ජොස් බට්ලර් (නායක), සෑම් කරන් (එංගලන්ත), මොහොමඩ් රිස්වාන්, හැරිස් රාවුෆ් (පාකිස්ථාන), විරාට් කෝලි, සූර්යකුමාර යාදෙව්, හර්දික් පාණ්ඩ්‍යා (ඉන්දියාව), ග්ලෙන් පිලිප්ස් (නවසීලන්ත), සිකන්දර් රාසා (සිම්බාබ්වේ), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), ජොෂ් ලිට්ල් (අයර්ලන්තය)