සිසු සැරියට යට වී පළමු වසරේ සිසුවියක් ජීවිතක්ෂයට…

පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් සිසු සැරිය බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය පැවසුවේ එම දැරිය පාසල නිම වී සිසු

මිතුරන් සමග ‌බෙදාගන්න

පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් සිසු සැරිය බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය පැවසුවේ එම දැරිය පාසල නිම වී සිසු සැරිය බස් රථයෙන් තම නිවස අසලින් බස් රථයෙන් බිමට බසින අවස්ථාවේදී අපරික්ෂාකාරී ලෙස එක්වරම බස් රථය යළි ගමන් ආරම්භ කිරීමේදී අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අළුත්ගම ගම්බිරිගස්වැව ප්‍රදේශයේ 6 හැවිරිදි දැරියකි.

බස් රථයේ පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පස්වරු 1.30ට පමණ මෙම දැරිය ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් පසු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් පුවත්