ගම්පොල පෞද්ගලික බැංකුවකින් අද අලුයම වෙස්මුහුණු පැළඳගත් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් නිශ්චිත මුදල් ප්රමාණයක් සහිත ස්වයංක්රීය ටෙලර් යන්ත්රයක් සොරකම් කර ඇති බව පොලීසිය ප්රකාශ කළා.
අද අලුයම 12.40 ට පමණ මෙම පිරිස ස්වයංක්රීය ටෙලර් යන්ත්රය ගලවා සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස වෑන් රථයකින් පැමිණ බැංකුවේ ආරක්ෂක නිලධාරියා බැඳ දමා ස්වයංක්රීය ටෙලර් යන්ත්රය සොරකම් කර ඇතැයි පැවසේ.
සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගම්පොළ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර කොල්ලකෑම සඳහා යොදාගත් වෑන් රථය පේරාදෙණිය ප්රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති බවයි නිල නොවන වාර්තා පවසන්නේ.
වෑන් රථයේ රියදුරු වාහනය තුළ ගැට ගසා සිටියදී සොයා ගත් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. (ninenewslk)