බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් පාසල් ප්රවාහන සේවා බස් රථයකට යටවීමෙන් 06 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වාර්තා වන අන්දමට ඊයේ (24) පස්වරුවේ අනුරාධපුර ගම්බිරිගස්වැව ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
දරුවා ඥාති නිවසකට බස් රථයේ ගමන් කර ඇති අතර ඇය බස් රථයෙන් බැසීමට යාමේදී බස් රථය පිටත්වීම හේතුවෙන් බස් රථයෙන් වැටී තිබෙනවා.
දරුවා බස් රථයට යටවී තුවාල ලබා මිය ගොස් ඇති බව වාර්තා වේ. (ninenewslk)