ඇමෙරිකා එක්සත් ජනපදයේ බල්ලෙකු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය ප්රකාශ කර ඇත.
මියගිය පුද්ගලයා ගිනි අවිය අනාරක්ෂිතව තම ට්රක් රථයේ පසුපස ආසනයේ තබා ඇති අතර බල්ලා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්රියාත්මක වී තිබේ.
මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පසුගිය 21 වැනිදා දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවත් කන්සාස් ප්රාන්ත පොලිසිය පවසා ඇත.
බල්ලා මියගිය පුද්ගලයාගේ සුරතලාද යන්න පිළිබඳ නිල ප්රකාශයක් කන්සාස් ප්රාන්ත පොලිසිය නිකුත් කර නැත.
මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් මරණය දඩයම් කිරීමට යාමේදී සිදුවන අනතුරක් බවට මූලික විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇති බවත් කන්සාස් ප්රාන්ත පොලිසිය ප්රකාශ කර තිබේ.