පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවසක ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි.
මියගිය පුද්ගලයින් අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය සතිය තුළ ද බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් පුද්ගලයින් මියයාමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබුණි.