ආනයනය අත්හිටුවීමේ සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2500ක් රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මුදල් අමාත්‍යාංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් ද්‍රව්‍ය සඳහා ආනයන තහනමක් පැනවීම හේතුවෙන් මේ වන විට ඉන්ධන, ඖෂධ සහ පොහොර හිඟයකින් තොරව ආනයනය කරන බවයි.
රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේ 2022 වසරට සමාන ආර්ථික තත්ත්වය මේ වසරේ නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි. (ninenewslk)