A Brand of Non Media Shout (Private) Limited

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි…

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඕක්ලන්ඩ්හි ඇද හැලුණු වර්ෂාව නිසා නිවාසවලට හානිවී , ගමනාගමනය

මිතුරන් සමග ‌බෙදාගන්න

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕක්ලන්ඩ්හි ඇද හැලුණු වර්ෂාව නිසා නිවාසවලට හානිවී , ගමනාගමනය ඇණහිට ඇති අතර නිවාස සහ ව්‍යාපාරවල විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඕක්ලන්ඩ් වෙත ගුවන් ගමන් මෙන්ම නගරය තුළ දුම්රිය සහ පාරු සේවා ප්‍රමාද කිරීම් හෝ අවලංගු කිරීම් සිදු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රධාන මාර්ග ද ගංවතුරෙන් අවහිර වී ඇති බවත්, මහාමාර්ගවල දිගු වාහන පෝලිම් ඇති වූ බවත් ,රථවාහන අනතුරු කිහිපයක් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉදිරි දින පහ තුළද ඕක්ලන්ඩ් හි විවිධ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද එරට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

තවත් පුවත්