චීනයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් යෙදවුම ඇමරිකාව තුල භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ලබන මාසයේ දී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා පිළිබඳ කාරක සභාවේ සභාපති, රිපබ්ලිකන් නියෝජිත මයිකල් මැක්කාවුල් විසින් මෙම පනත් කෙටුම්පතට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව, එම කෙටුම්පත සම්මත වුවහොත් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂාව පදනම් කර ගනිමින් ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට අවස්ථාව හිමිවනු ඇති.