A Brand of Non Media Shout (Private) Limited

බෝට්ටුවක් පෙරළී ළමුන් 10දෙනෙකු ජීවිතක්ෂයට…

වයඹදිග පකිස්තානයේ යාත්‍රාවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් ළමුන් 10දෙනෙකු මියගොස් තිබේ. ආගමික පාසලක සිසුන් ඇතුළු පිරිසක් කොහාට් දිස්ත්‍රික්කයේ තණ්ඩා වේල්ලේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදී බෝට්ටුව පෙරළි

මිතුරන් සමග ‌බෙදාගන්න

වයඹදිග පකිස්තානයේ යාත්‍රාවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් ළමුන් 10දෙනෙකු මියගොස් තිබේ.

ආගමික පාසලක සිසුන් ඇතුළු පිරිසක් කොහාට් දිස්ත්‍රික්කයේ තණ්ඩා වේල්ලේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදී බෝට්ටුව පෙරළි අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරින් අවුරුදු 7ත් 12ත් අතර වයස්වල පසුවන දරුවන් 10දෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

අනතුරට ලක්වු ළමුන් තිදෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථවේ අදාළ යාත්‍රාවේ දරුවන් 25දෙනෙකු පමණ ගමන් කර තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

තවත් පුවත්