A Brand of Non Media Shout (Private) Limited

ඉගිලෙන මාලුවෝ චිත්‍රපටිය මට ලොකු අභියෝගයක් වුනා

2006 වර්ෂයේදී ශ්‍රී ලංකා රූ රැජන විදිහට කිරුළ පැළඳි ඇය මේ වන විට ගොඩක් දෙනෙක් දන්න කෙනා රංගන ශිල්පිනියක් බවට පත් වෙලා අවසන්.ඒ වෙන

මිතුරන් සමග ‌බෙදාගන්න

2006 වර්ෂයේදී ශ්‍රී ලංකා රූ රැජන විදිහට කිරුළ පැළඳි ඇය මේ වන විට ගොඩක් දෙනෙක් දන්න කෙනා රංගන ශිල්පිනියක් බවට පත් වෙලා අවසන්.ඒ වෙන කවුරුත් නෙවෙයි ඔබ අප කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනිය ගයේෂා පෙරේරා.ඒ වගේම ඇය පිළිබඳව විශේෂයෙන් කතාබහ කරන්න පටන් ගත්තා ඇය රංගනයෙන් දායකත්වය දැක්වූ ඉගිලෙන මාලුවෝ චිත්‍රපටය නිසා.

මේ චිත්‍රපටය තුළ ඇය නිරූපණය කරපු ඔය ආන්දෝලාත්මක චරිතය නිසා තමයි ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණයට නතු වුණේ. එදා ඒ චිත්‍රපටය තුළ බය නැතුව ඒ චරිතය නිරූපණය කරපු ඇය ඒ සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.

“පහුගිය කාලේ කාලේ ද නිර්මාණය වූ චිත්‍රපට අතරින් වැඩිපුරම කතාබහට ලක්වූ චිත්‍රපටය ඉගිලෙන මාලුවෝ කිව්වොත් හරි.මේ චිත්‍රපටය දැන් අරඹන්න ඔබට හැකියාව තියෙනවා. චිත්‍රපටය නැරඹුවාට පස්සේ ප්‍රේක්ෂකයන් ඒ ගැන හරිම විදිහ කියාවි.මේ වගේ චරිතයක් කරන්න ලංකාවෙ කිසිම තරුණ නිළියක් ඉදිරිපත් වෙන්නේ නැහැ.නමුත් එදා ඒ අභියෝගය මම බාර අරගෙන එය කළා.මම කියන්නේ ප්‍රවීන අය ගැන නෙවෙයි”

ඒ වගේම තමයි මේ චිත්‍රපටිය තහනමට ලක් වුණු නිර්මාණයක් බවටත් පත්වුණා.කෙසේ නමුත් අද වන විට ඒ නිර්මාණය නැවත වතාවක් ප්‍රේක්ෂකයන්ට නරඹන්න හැකියාව ලැබිලා.හැබැයි ඊට කලින් මේ චිත්‍රපටයේ කොටසක් නොසිතූ වෙලාවක ප්‍රේක්ෂකයන් අතරට යනවා ඒ චිත්‍රපටය විකාශය කරන්නත් කලින්.ඉතින් ඇත්තටම ඒක කොහොමද වුණේ කියන එක පිළිබඳව දන්නේ නෑ කියලත් ඔවුන් සඳහන් කළා. කෙසේ නමුත් ඇයි කියන්නෙ ඒ දේවල් ඒ විදිහට සිද්ධ සිද්ද උනත් හරිම ඔරිජිනල් ෆිල්ම් එක දැන් හැමෝටම නරඹන්න පුළුවන් කියලයි.

කාන්තාව ස්ත්‍රියක් විදිහට විශාල වශයෙන් සමාජය තුළ මුහුණ දෙන්නා වූ අභියෝගයන් මේ චිත්‍රපටය තුල තියනවා කියලත් ඇය වැඩිදුරටත් මතක් කළා.ඒ වගේම තමයි ඇමෙරිකාව තුළ ඇය තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන මේ වෙද්දි ආදරණීය පුතා සහ සැමියා එක්ක සතුටින් ජීවිතය ගත කරනවා කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

තවත් පුවත්