යුරේනි නොෂිකා කියන්නේ රංගන ශිල්පිනියක් ඒ වගේම තවත් අවස්ථාවකදී අතිදක්ෂ නිරූපිකාවක් විදිහට ගොඩක් දෙනෙක්ගේ අවදානය දිනා ගන්න සමත් වෙච්ච කලාකාරිනියක්.ඇය අහම්බයක් විදිහට තමයි කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ.ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහටත් හඬකැවීම් ශිල්පිනියක් විදිහටත් ඇය මේ දිනවල අපට දැකබලා ගන්න හැකියාව තියෙනවා.
යුරේනි පිළිබඳව වැඩිවශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ගජමෑන් චිත්‍රපටය විකාශය වීමත් සමගයි.ඇය ගජමැන් චිත්‍රපටිය ගජමෑන් චිත්‍රපටයේ සුන්දර චරිතයකට හඬකැවීම අතින් දායකත්වය දක්වනවා.ඒ අලුත්ම අත්දැකීම සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“ගජමැන් ටයන්න ඇත්තටම තරුණ බාල මහලු කාටත් බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්.ඒ වගේම ලංකාවෙ සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යමින් නිර්මාණය වුණු ලංකාවේ පළවෙනි 3Dචිත්‍රපටය තමයි ගජමෑන් කියන්නේ. හෙට ලංකාවෙ සිනමාව වෙනස් කන හැරවුම් ලක්ෂය වෙන්නත් ගජමෑන්ට ඉඩ තියෙනවා.මම හඬ කවන්නේ ප්‍රීති කියන තරුණිය ගේ චරිතයට. වසර කීපයකට කලින් තමයි ගජමෑන් තිරගත කිරීමට සැලසුම් කරලා තිබුණේ නමුත් තාක්ෂණික ගැටලු කීපයක් නිසා තිරගත කිරීම කල් දාන සිදුවුණා”
ඒ විදිහට අදහස් දක්වන ඇය තාමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඇය පුංචි කාලේ ඉඳන්ම හැදී වැඩෙන්නේ ආදරණීය අම්මත් එක්ක.බොහෝ කාලයක් ඇය තනිකඩව තමයි ජීවත් වුණේ.හැබැයි මේ වෙද්දි තනි කඩුව හිටපු කාලේ අවසන් කරලා විවාහයක් ගැන ඔබ තාම හිතන්නේ නැද්ද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ දෙයක්.
“අහවල් පුද්ගලයා සමග මේ දවසේ විවාහ වෙනවා කියලා නම් මම තාම තීරණයකට ඇවිත් නැහැ.මොකද මට තාම විවාහ වෙන්න සහකරුවෙක් නැහැ.ඒකෙ තේරුම මම විවාහ නොවී හැමදාම තනිකඩව ඉන්නවා කියන එක නෙවෙයි.කවදා හරි හොඳ කෙනෙක් ලැබුණු දාට මම විවාහ වෙනවා.”
ඉතින් විවාහය ගැන අහපුවාම යුරේනි ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ.කෙසේ නමුත් ඇයගේ අදහස් වලට ගැලපෙන ඇයට ගැලපෙන හිත ගත්තු ආදරණීය තරුණයෙක් ඉතාමත් ඉක්මනින් මුණ ගැසේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.