A Brand of Non Media Shout (Private) Limited

මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ – දයාසිරි

රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව යම්කිසි කාලයකට කල් දමන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉතාමත් බැගෑපත් ව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ

මිතුරන් සමග ‌බෙදාගන්න

රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව යම්කිසි කාලයකට කල් දමන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉතාමත් බැගෑපත් ව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉන් පසු නිවැරදි ක්‍රමවේදයක් සකස් කිරීමෙන් පසු මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එසේ නොකළ හොත් ලොකු විනාසයක් ඇතිවෙන බවත් තමන්ට ද පාරට බහින්න බැරි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

පොහොර ප‍්‍රශ්නය ඉක්මනින් විසදීමට කටයුතු නොකලහොත් ජනාධිපතිතුමන් මෙන්ම රජයටද ප්‍රශ්නයක් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

කුරුණෑගල ප‍්‍රදේශයේදී මාද්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

තවත් පුවත්