විදුලිබල ගැටළුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවට අධිකරණය සහාය දක්වන තුරු විදුලිය විසන්ධි නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.
නඩුව හෙට (පෙබරවාරි 03) කැඳවීමට නියමිතය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කර තිබුණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් කොමිසම හමුවට පැමිණි සමථයකට අනුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි. 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා උසස් පෙළ විභාගයට අදාළ කාල සීමාව තුළ බවයි. (ninenews.lk)