මෙරට ISIS ත්‍රස්ත සමාජිකයින් සොයා මෙහෙයුම්

ශ්‍රී ලංකාවේ ISIS ත්‍රස්ත සමාජිකයින් ගැන සොයා බැලීමට කඩිනම් විමර්ශනයක් සිදුකරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) කඩුවෙල පැවති වෙසක් උත්සවයකට එක්වෙමින්.

එමෙන්ම මේ පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇති බව ද සඳහන් කළා.

මෙම කමිටුව සඳහා CID, TID, SIS හා STF නිලධාරින්ගෙන් සමන්විත බවයි සඳහන් වන්නේ.

තවත් පුවත්