A Brand of Non Media Shout (Private) Limited

හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්…

75 වැනි නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනි දා උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු

මිතුරන් සමග ‌බෙදාගන්න

75 වැනි නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනි දා උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු කොට තිබේ.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට නිවේදනය කරන්නේ පෙබරවාරි 4 වැනි දා පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන දා එම ප්‍රදේශවල සියලු කටයුතු නවතා දැමිය යුතු බවයි.

එසේ ම ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන එදින එයට විරෝධය පළ කිරීමක් ලෙස සියලු ම වෙළෙඳසැල් වසා දමා ඒවායේ කළු කොඩි ඔසවන ලෙසට ජනතාවගෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටිනවා.

තව ද ජාතික නිදහස් දිනයට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල විරෝධතා පෙළපාලි රැසක් සංවිධානය කොට ඇති අතර නිදහස් දිනය දා යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් ද පැවැත්වීමට කටයුතු ආරම්භ කර ඇතැයි ද කරුණු වාර්තා වනවා.

තවත් පුවත්