ඕරාව කියන්නේ අපේ සිරුර වටා තියෙන ඒත් අපේ පියවි ඇසට පේන්නේ නැති රශ්මි වළල්ලක් වගේ දෙයක්.
මනුස්සයා කියන්නේ සතෙක් නේ. එතකොට අපේ ශක්නුතාවයන් වලට මේ විශ්වයේ තියෙන හැමදෙයක්ම අහු වෙන්නේ නෑ. අපිට ඇහෙන්නෙත් නිශ්චිත hertz සංඛ්‍යාවක් විතරයිනේ. පේන්නෙත් එහෙමයි. හැබැයි ඇසට පේන්නේ නැති, අපේ ශ්‍රවණ පරාසයට ඇහෙන්න නැති දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ Aura එක කියන්නෙත්.
පොඩි උදාහරණයකින් පැහැදිලි කරොත් බෞද්ධ සාහිත්‍යයේ බුදුන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් විහිදුණු බව අපි අහලා තියෙනවා. ඒ නිසා ඒ බව ප්‍රතිමා වලත් වළල්ලක් විදිහට දක්වලා තියෙන්නවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිම වලත් එහෙම තියෙනවා නේද? ඒ මෙන්න මේ Aura ව තමයි. අධ්‍යාත්මිකව සිත ඉතා දියුණු මට්ටමකට පත් කර ගත්තම ඒ aura ව තව කෙනෙක්ට පෙනෙන තරමටම ප්‍රබල වෙනවා.
එහෙනම් අපි තේරුම් ගන්න ඕනා මේ ඕරාව හැමෝගෙම එක සමාන විදියට පිහිටන්නෙ නෑ කියන එක.
aura එක ප්‍රබල වෙන්න වැඩියෙන්ම බලපාන්නේ පුද්ගල සිතුවිලි. අභ්‍යන්තර සිතුවිලි ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න කියලා මං නිතරම ඔයාලට මතක් කරන්නේ ඒකයි. ඒවා ධනාත්මකයි නම් aura එක ශක්තිමත් වෙනවා. සෘණාත්මක සිතුවිලි ඕරාව දුර්වල කරවනවා.

ශක්තිමත් Aura එකක් කියන්නේ හරියට ඔයාව ආරක්ශා කරන ලේසර් පද්ධතියක් වගේ. නරක නපුරු දේවල් වලින් ඔයාට වෙන බලපෑම් අඩු කරනවා. ඒවායේ බල බිඳිනවා. කිසිම කෙනෙක්ට ඔයාගෙන් දේවල් උදුරා ගන්න බැරි වෙනවා.
ඒ නිසා aura එක ප්‍රබල කරගන්න උත්සහ කරන්න. හිතා ගන්නවත් බැරි තරම් වෙනසක් ඔයාගේ ජීවිතයේ වෙයි. හොඳ දේවල් ඔයාට ආකර්ෂණය වෙනවා. මිනිස්සුන්ට ඔයාව ප්‍රිය වෙනවා. යන යන තැන ඔයාව ඉහලින්ම ඔසවා තබනවා. ඒක හරියට මැජික් එකක් වගේ. Aura එක ශක්තිමත් වීම හරහා ඔයාගේ vibration (විභවය) level එකටත් හොඳ බලපෑමක් වෙනවා.
කෙනෙක්ගේ aura එකෙන් එයාට වගේම අවට අයටත් බලපෑමක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා නේද හිතේ අවුලක් තියෙන වෙලාවට ඒ කෙනාව දැක්කත් හරි සහනයක්.
ඒ වගේම තව අය ඉන්නවා බාහිර රූපයෙන් කොයි තරම් ලස්සනට පෙනුනත් ලඟින් ගියත් ගිනි තියා ගෙන යනවා වගේ දැනෙන්නේ. වචනයක් කතා කරත් හිසරදේ හැදෙනවා.
ඒකට හේතුව ඒ ඒ අයගේ aura වයි. aura එකේ ස්වභාවය අනුව ඒකේ බලපෑම් අවට අයටත් දැනෙනවා.
ඒ නිසාම තමයි මං කියන්නේ toxic, negative මිනිස්සුන්ව ඈත් කරවන්න කියලා.
මේක ශක්ති පද්ධතියක් කියලයි මං නම් තදින්ම විශ්වාස කරන්නේ. Positive energy කියලා මට දැනෙන්නේ මේ aura එකේ ශක්තිමත් බවයි.
Aura ව ප්‍රබල කරගන්න නම්,
යහපත් සිතුවිලි හිතේ ඇති කරගන්න.














Aura එක ශක්තිමත් කරගන්න පුලුවන් ඔයාටමයි. ඉතිං මං යෝජනා කරනවා අන්ධ විශ්වාස, මිත්‍යාවන් පස්සේ ගිහින් අනුන්ට කියලා තමන්ට ඕනා දේවල් කරගන්නවා වෙනුවට තමන්ගේ aura එක ශක්තිමත් කර ගන්න වෙහෙසෙන්න කියලා. එතකොට තමන්ට ඕනා දේවල් තමන් විසින්ම ලබා ගන්න පුලුවන්. Aura ව තමයි තමන්ට තියෙන හොඳම ආරක්ශාව.
සියලු විශ්මයන්, ප්‍රාතිහාරයන්, ශක්තීන් සැඟවිලා තියෙන්නේ ඔයා තුළමයි.