A Brand of Non Media Shout (Private) Limited

ලාෆ් ගෑස් මිලත් ඉහළට…

ලිට්රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ් ගෑස් මිල ද ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින්

මිතුරන් සමග ‌බෙදාගන්න

ලිට්රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 5,280 ක් ලෙසයි.

කිලෝග්‍රෑම් පහේ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 2,112 ක් ලෙස දැක්වුණා.

ඊට අමතරව කිලෝග්‍රෑම් දෙකේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ 845 ක් ලෙසයි.

මෙම මිල සංශෝධනය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

තවත් පුවත්