එමෙන්ම තවත් ව්‍යාපෘති කළමනාකරණ ඒකක 32ක කටයුතු අත්හිටුවීමටත්, තවත් ඒකක 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් තීරණය කර ඇත.
ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබුණි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එම කාර්යාලවල උපෙදේශකයින් ඇතුළුව විශාල සේවක පිරිසක් ඉහළ වැටුප් තලයන්ට බඳවා ගෙන ඇතැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.