A Brand of Non Media Shout (Private) Limited

පුතාගෙන් පලි ගන්න මව ඝාතනය කරලා…

සුරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඇඹිලිපිටියේ හෝටල් හිමියකු සහ ඔහුගේ සගයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ

මිතුරන් සමග ‌බෙදාගන්න

සුරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඇඹිලිපිටියේ හෝටල් හිමියකු සහ ඔහුගේ සගයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ

මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අතරවාරයේ නීතීඥයකු සමඟ පෙරේදා රාත්‍රියේ සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ බාරවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඇරුණ වෙබ් අඩවියට ට පැවසිය

මෙසේ ඝාතනය කර තිබුණේ සූරියවැව වීරියගම වටරවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩ ගමගේ මල්කාන්ති නැමැති පනස් 58 හැවිරිදි කාන්තාවකි.

හෝටල් හිමියා ගේ බිරිඳ ඝාතනයට ලක් වූ මවගේ පුතකු සමග හොර රහසේ පලා යෑම මෙම ඝාතනයට හේතු වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.

හෝටලය හිමි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිඳ සිටින තැන දැන ගැනීමට යැයි කියා මල්කාන්ති නැමැත්තිය පැහැරගෙන මෝටර් රථයක දමා ගෙන පලාගොස් පසුව ඇය ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවත් පුවත්