තුර්කි ගලවාගැනීම් මෙහෙයුම්වලට සහාය වීම සඳහා රටවල් 65කින් පුද්ගලයින් 2,600 කට වැඩි පිරිසක් ආපදා ප්‍රදේශයට යවා ඇති බව තුර්කියේ හදිසි ඒජන්සිය පවසා තිබෙනවා .
සමස්තයක් වශයෙන්, බ්ලැන්කට් 300,000 ක් සහ පවුලේ කූඩාරම් 41,00 කට වඩා ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .
තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් සිදුවූ තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 4,300 ට වඩා වැඩි වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඊයේ (06) අලුයම මිනිසුන් නිදා සිටියදී තුර්කියේ Gaziantep අසල ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .
රික්ටර් පරිමාණයේ 7.5 ක පසු කම්පනයක් පැය කිහිපයකට පසුව ඒ අසල ඇති වූ අතර, ඒ වන විටත් දැඩි ලෙස හානියට පත් වූ කලාපයට තවදුරටත් එයින් හානි සිදුව තිබෙනවා.
එමෙන්ම අද (07) අලුයම භූමිකම්පා කලාපයට ඉස්තාන්බුල් ගලවා ගැනීමේ භටයින් 13,000 ක් පමණ යවා ඇති බව එහි ආණ්ඩුකාර අලි යෙර්ලිකායා සඳහන් කරනවා.
කාර්යය මණ්ඩලයකින් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම විශේෂයෙන්ම දැඩි ලෙස විනාශයට පත්ව ඇති Hatay පළාතට යැවූ බවයි පැවසෙන්නේ
Hatay ගුවන් තොටුපලේ ධාවන පථයද දෙකට බෙදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ගිනිකොණදිග තුර්කියේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා ගැනීමට සහනකරුවන් දැඩි වර්ෂාව සහ හිම මධ්‍යයේ උත්සාහ කරමින් සිටිනවා
⏰06.00 itibarıyla #İstanbul’umuzdan;
✅ 7️⃣3️⃣ uçak ile
✅ 1️⃣2️⃣.7️⃣5️⃣2️⃣ personelimiz ve AFAD Gönüllülerimiz,başta #Hatay olmak üzere #deprem bölgesine sevk edildi.
Hakkınız ödenmez,minnettarız. pic.twitter.com/hlVNnS09u9
— Ali Yerlikaya (@AliYerlikaya) February 7, 2023