A Brand of Non Media Shout (Private) Limited

නිදා සිටි තරුණයාගේ බෙල්ල කපා යයි…

නිවසක් තුළට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙක් එහි කාමරයක් තුළ නිදා සිටි තරුණයෙකුගේ ගෙලට මන්නයකින් පහරදී පළාගොස් තිබේ. අද (07) දහවල් 2.20ට පමණ මෙම සිද්ධිය සිදුවී

මිතුරන් සමග ‌බෙදාගන්න

නිවසක් තුළට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙක් එහි කාමරයක් තුළ නිදා සිටි තරුණයෙකුගේ ගෙලට මන්නයකින් පහරදී පළාගොස් තිබේ.

අද (07) දහවල් 2.20ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ කළුතර පලාතොට පාර තේක්කවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තුළදීය.

සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයාව රෝහල්ගත කිරීමට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව වාර්තා විය.

මියගොස් ඇත්තේ අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකි.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් පුවත්