A Brand of Non Media Shout (Private) Limited

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන හෙළිදරව්ව…

ඝාතනයට ලක්වූ තලංගම පැලවත්ත නිමි ඇදුම් සාප්පුජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මළ සිරුර දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා රුධිර සාම්පල සැසඳීමට වැල්ලම්පිටිය කිත්තම්පහුව

මිතුරන් සමග ‌බෙදාගන්න

ඝාතනයට ලක්වූ තලංගම පැලවත්ත නිමි ඇදුම් සාප්පුජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මළ සිරුර දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා රුධිර සාම්පල සැසඳීමට වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචිව සිටින ඔහුගේ මව අද(07) ජින්ටෙක් ආයතනය වෙත යොමු කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් මස 30 වෙනි දින සිට අතුරුදන්ව සිටි ව්‍යාපාරිකයාගේ මළ සිරුර මෙම මස දෙවැනි දින පැලවත්ත එම් ඩි එච් පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවසේ ඉහළ මහලේ කොනකට වන්නට පිහිටා තිබෙන නාන තටාකයේ පාවෙමින් තිබියදී දී පොලිසියට හමු විය.

ඇෆ් එකක් හරහා මාසයකට පෙර සිට දැන හඳුනාගෙන තිබූ ව්‍යාපාරික යාව හමු වූ මුල් දවසේම දෙනා අතර සමීප ඇසුරක් පැවති බව සැකකරු සිදු කළ පාපෝච්චාරණකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

තමන් එදින ව්‍යාපාරිකයා හමුවීමට පෙර කළුබෝවිල ප්‍රදේශයේ ෆාමසියකින් උපත් පාලන කොපු තුනක් මිලදී ගත් බව සැකකරුගේ ප්‍රකාශය කියන අනාවරණය විය

සැකකාර අසිමිඩින් ඉන්සාෆ්ඩින් නමැත්තා සමඟ සමීප ඇසුරක් පවත්වා තිබූ සැකකරු කෝටිපති ව්‍යාපාරිකයා ව පොලු මුගුරුකින් පහරදී ඝාතනය කර සැකකරු ඔහුගේ සිරුර නාන තටාකයට ඇද දමා පලාගොස් තිබිණි

ඝාතනය කිරීමට හේතු වශයෙන් සැකකරු සඳහන් කර ඇත්තේ තමන් ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ බවත් එය නොදීම හේතුවෙන් තමන් පහර දුන් බවත්ය.

සැකකරුගේ ප්‍රකාශ මත එම නිවස තුළ තිබී පහර දීමට යොදා ගත් පොලු මුගුරැ පොලිස් බාරයට ගැනීමටත් මිලදී ගත් බව කියන උපත් පාලන කොපු දෙකෙන් එකක් අස්ථාන ගතව තිබීම සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වූ අතර එය සොයාගැනීමට නොහැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමටත් සැකකරු යොදාගත් පොලු මුගුරු ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු ව්‍යාපාරිකයාගෙන් කොල්ල කන ලද ජංගම දුරකථනය වැල්ලවත්ත මුහුදු තීරයට විසි කළ අපට අනාවරණය වීමෙන් අනතුරුව එය සොයා ගැනීම සඳහා සැකකරුගේ මග පෙන්වීම මත පොලිස් නිලධාරීන් පැය දෙකකට අධික කාලයක් පුරා උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වී තිබිණි

එම පොලු මුගුර හා තුළ තිබී සොයාගත් පාවිච්චි කරනලද උපත් පාලන කොපුව විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතය.

සැකකාර යුවල අද කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර නියෝග කර ඇත.

තවත් පුවත්