A Brand of Non Media Shout (Private) Limited

විවාහ වෙලා අවුරුදු හතරක්, මාත් ආසයි දරුවෙක් හදන්න…

මන්ද පමා ගීතය හරහා  මෑතක දී නැවත වතාවක් අතිශයින් ජනප්‍රිය  ඇය නූතන සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමකට අරගෙන යන්න තරම් සමත් වෙච්ච ආදරණීය ගායිකාවක් වන

මිතුරන් සමග ‌බෙදාගන්න

මන්ද පමා ගීතය හරහා  මෑතක දී නැවත වතාවක් අතිශයින් ජනප්‍රිය  ඇය නූතන සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමකට අරගෙන යන්න තරම් සමත් වෙච්ච ආදරණීය ගායිකාවක් වන උමාරියා සිංහවශයි. ඒ සම්බන්ධය කතා කරද්දී එක් අවස්ථාවකදී රියැලිටි වැඩසටහන්  විනුසුරුවරියක් විදිහටත් වැඩ කටයුතු කළා. ඒ සියලුම දේවල් එක්ක අලුත් අලුත් නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්නත් උමාරියා අමතක කරන්නේ නැහැ.

ඇය පසුගිය දවසක ලංකාවේ ජනප්‍රියතම කාන්තාව බවට පත් වෙන්නෙත් ඇයගේ තියෙන මේ සුවිශේෂී හැකියාව සහ ආකර්ෂණීය ගති ලක්ෂණ නිසාමයි.උමාරියා විවාහ වෙන්නේ ප්‍රංශ ජාතික තරුණයෙක් සමග ඔහු නමින් දමිත්‍රි.ඇය සඳහන් කරන ආකාරයට ඔහු ඇයගේ ජීවිතයට ආවට පස්සෙ හිතට ලොකු නිදහසක් සහ ලොකු සතුටක් දැනෙනවා කියලත් සඳහන් කළා.

ඒ වගේම උමාරියද් නිතරම සංවේදී වෙන චරිතයක් පැත්තකට වෙලා ඉන්න ආස කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඇය ගොඩක්ම ආස ගෙදර අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න.ඇය මේ වෙද්දි විවාහ වෙලා වසර කීපයක් ගත වෙනවා. හැබැයි තාම දරු සුරතල් ගැන ඇය හිතලා නැද්ද ඇය හිතන් නැද්ද කියන දේ ගැන ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා.ඉතින් හැමදේම හොයන කරන මිනිසුන්ට ඇය ඒ සම්බන්ධයෙන් හරි අපූරු පිළිතුරක් දුන්නා.

“අපි විවාහ වෙලා දැන් අවුරුදු හතරක් මාත් ආසයි දරුවෝ ලබලා සතුටින් ජීවිතය ජීවත් වෙන්න. මම දරුවන්ට හරිම ආසයි දරුවෙක් එක්කම ඉන්න අම්මා කෙනෙක් වෙන්න මමත් ආසයි.ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ වෙලාවට දේවි ඒ බලාපොරොත්තු වේ ඒ කාලය අනුව ඉටු වේ.මගේ සැමියා ඉන්න තැන තමයි මට මගේ මහ ගෙදර. මගේ අම්මයි තාත්තයි ජීවිතයේ පරිස්සම ගැන දරා ගැනීම් ගැන මට කියලා දුන්නා.”

ඒ වගේම ඇය සඳහන් කරන ආකාරයට තවත් අලුත් නිර්මාණ කීපයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.පසුගිය දවස්වල කතාවකුත් ගියා ඇය තමන්ගේ ස්වාමිපුරුෂයා ප්‍රංශ ජාතික තරුණයෙක් නිසා විදෙස් ගත වෙන්නත් සූදානමින් ඉන්නවා කියන දේ.නමුත් උමාරියා නම් සඳහන් කළේ ලංකාව දාලා ඇය කොහෙවත් යන්න යන්නැහැ කියන දේ.

ඉතින් ඒ විදිහට අදහස් දක්වන ඇයට ඉතාමත් ඉක්මනින් ආදරණීය දරු සිහිනය සැබෑ කරගෙන හොඳින් ජීවිතය ගත කරන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින් ප්‍රාර්ථනා  එක් කරන්නෙමු

තවත් පුවත්