මිනිස්සු හිතන පතන විදි හරි වෙනස්, එහෙම මිනිස්සුන්ගෙ මානසික මට්ටම් එක්ක ඔවුන්ගෙ ප්‍රශ්න වටා ගෙතුන එය වෙනස්ම කෝණයකින් විග්‍රහ කරවන වෘතාන්තයක්. කාන්තාවකගේ ලිංගිකත්වය යන දිශාව සමඟ ඇය ඇගේ මමත්වය සහ සුපර් ඊගෝ සමග කරන අරගලයක පැතිකඩක් ලෙසට තවදුරටත් මේක හඳුන්වන්න පුලුවන්.
මෙහි ප්‍රධාන චරිත ලෙස දර්ශන් දර්මරාජ් , ආශා දර්ශනි විතානගේ රඟනයෙන් දායකත්වයි. මෙහි අධ්‍යක්ෂනය නවක අධ්‍යක්ෂකවරුන් දෙපලක් වන රන්ග ලියන වඩුගේ සහ දුලන්ත රන්දික විසින් සිදුකර ඇති අතර, නිශ්පාදනය ආශා දර්ශනී විතානගේ සහ දුලන්ත රන්දික දෙපල විසින් සිදු කර ඇත. තිර රචනය – දුලන්ත රන්දික, අදහස සහ කතාව – ආශා දර්ශනී විතානගේ, කැමරාකරනය – චානක සංජීව, සංස්කරණය – විරංග කටිපෙආරච්චි, සංගීතය – ඩිලාන් විජයසිංහ, වේශ නිරූපණය – ඉරේශ් එරංග, කලා අධ්‍යක්ෂනය – එශ් නවන්ජන, නිශ්පාදන කලමනාකරැ තරිදු මදුශාන් විසින් සිදු කරනු ලැබීය.
චක්‍රය කෙටි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ෆෙස්ටිවල් ටාගට් කරගෙන වන අතර, මේ වන විට Wallet Film Festival හි Best Thriller Movie, Best Genre Movie යන සම්මාන දෙවර්ගයකින් පිදුම් ලබා ඇත. තවද World Mobile Film Festival යන සම්මානටද නිර්දේශ වී ඇති අතර Indian Screen Project යන සම්මාන උලෙලේදී චක්‍රය කෙටි චිත්‍රපටය Best film, Best Directer, Best Story Awards පසුගියදා ඉන්දියාවේදී පැවත්වූ සම්මාන උලෙලේදී ලැබී තිබෙනවා.
මීට අමතරව French International Film Festival 2023 හීදි Best Promising Filmmaker, Best Art Film, Best Original Screenplay, Festival Mention Awards යන සම්මාන ලැබී තිබෙනවා..මීට අමතරව Swastik National Film Festival 2023 සහ Dhanbad International Film Festival සදහා නිර්දේශ වී තිබෙනවා. ලබන මාසයේදී ඉන්දියාවේ කොල්කටා හිදී පැවත්වෙන Great Indian Film Festival Awards 2023 සදහා සහබාගී වීමට නියමිතයි.
මෙහි ප්‍රධාන චරිතයට පන දුන් අප අතරින් වෙන් වූ, දර්ශන් දර්මරාජ් ඔහුගේ රංගනය වෙනදා මෙන්ම මේ චිත්‍රපටයටද ඉතා කැපවීමෙන් විශිෂ්ට ලෙස දායක වී ඇති අයුරු දක්නට පුලුවන්. කනගාටුදායක කරුනක් වන්නේ මෙම නිර්මාණය ඔහුගේ අවසන් කෙටි ච්ත්‍රපටය වන අතරම, එය ඔහුට සියැසින් දැක බලා ගැනීමට නොහැකිවීමයි. දර්ශන් දර්මරාජ් යනු අති විශිෂ්ට සම්මානනීය රංගන ශිල්පියෙකි, ඔහු රංගනයෙන් දායකවූ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.
මෙහි අනෙක් ප්‍රධාන චරිතයට පන දෙන්නේ ආශා දර්ශනී විතානගේයි. ඇය මෙම චිත්‍රපටයෙහි දක්ශ රංගනයක නියැලෙන අතර ඇය නවක රංගන ශිල්පිනියකි. ඇය කෙටි චිත්‍රපට උළෙලකින් දක්ශතම නිලිය ලෙස සම්මානයක්ද දිනාගෙන ඇත. ආශා දර්ශනී විතානගේ රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයක්ද ඉදිරියේදි පුන්චි තිරයෙන් දැක ගැනීමේ හැකියාව ඇත. ජීවිතේ අපි හැමෝටම කාටවත් නොකීව කතාවක් තියෙනවා, මේකත් එහෙම කතාවක් සමහරවිට ඔයාගෙම වෙන්නත් පුලුවන්. මෙය ගැහැණියගේම අරගලයක් නෙමෙයි, ලිංග බේදයකින් තොරව කරන අමුතුම අරගල කතාවක්.