A Brand of Non Media Shout (Private) Limited

ආදරය කළොත් මරණ තර්ජන එන ලෝකප්‍රකට BTS ගේ කතාව

BTS කියන්නේ දකුණු කොරියාව මූලික කරගෙන බිහිවූ වර්තමානයේ වනන විට මුළු මහත් ලෝකය තුළ ප්‍රසිද්ධියට පත් බෑන්ඩ් එකකි.ඔවුන් සංගීත ක්ෂේත්‍රයට  පැමිණියේ 2013 වර්ෂයේ Big

මිතුරන් සමග ‌බෙදාගන්න

BTS කියන්නේ දකුණු කොරියාව මූලික කරගෙන බිහිවූ වර්තමානයේ වනන විට මුළු මහත් ලෝකය තුළ ප්‍රසිද්ධියට පත් බෑන්ඩ් එකකි.ඔවුන් සංගීත ක්ෂේත්‍රයට  පැමිණියේ 2013 වර්ෂයේ Big hit Entertainment යන ආයතනය යටතේය.මෙහි සාමාජිකයන් 7ක් පමණ සිටී.මොහුන්  ගායන‍යෙන්,නර්තනයෙන්  තම ප්‍රේක්ෂකයන් පිනවීමට ලක්කරනු ලබනවා. එපමනක් නොව ගීත රචනා කිරීමේ හැකියාව ද  මොවුන් සතු වෙනවා.

මෙම කණ්ඩායම්යේ නායකයා වන්නේ Rm ය.මොහුන් කො‍රියානු භාෂාවෙන් පමණමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන්ද ගීත ඉදිරිපත් කරයි.BTS කණ්ඩායම  දකුණු කොරියාව තුළ  ජාතික සම්මාන තුනක් ලබාගත් එකම සහ ළාබාලතම  සංගීත  කණ්ඩායම වේ.තවත් විශේෂ කරුණක් වන්නේ මෙම  සංගීත කණ්ඩායමේ සාමාජිකයන්  සියලුම දෙනාම වයස අවුරුදු 30ට අඩු  පිරිසක් වීමයි.මෙම කණ්ඩායම තුළ පවතින සහෝදරත්වය සහ කණ්ඩායම් හැඟීම නිසා මෙච්චර පැමිණි  සාර්ථකත්වයට  ප්‍රධාන හේතුවක් වී තිබේ. කොරියානු පොප් සංගීතය  ලෝකය තුළ  ප්‍රසිද්ධියට පත්වීමට හේතුව වන්නේ BTS සංගීත කණ්ඩායමයි.BTS කණ්ඩායම සෑම විටම තම ගීත හරහා ලෝකයට වැදගත් පණිවිඩයක් ලබා දීමට උත්සාහා ගනියි. ඔවුන්ගේ ගීත හරහා මානසික ආතතියෙන් සිටින පුද්ගලයාන්ට සහනයක් ලබාදීමට  කටයුතු කරයි. BTS කණ්ඩායමේ ප්‍රසිද්ධිය නිසාම කැමති පිරිසක් වගේම අකමැති පිරිසකුත් ලෝකය තුල ඇත.අකමැති පිරිස විසින් සෑම විටම BTS කණ්ඩායම් නැති වැරදිද ලෝකයට පෙන්වයි.
BTS කණ්ඩායමට අවශ්‍ය ප්‍රසිද්ධිය,කාන්තා ආකර්ශනය,මිල මුදල් වැනි සියල්ලම ලැබී ඇත.එවිට  ඔබ සිතනවා ඇති ඔහුන්ගේ ගැටළු සියල්ලම අවසන්  කියා නමුත් එය එසේ නොවේ. ඔවුන්ට මේ වන විට විවිධාකාරයේ  ප්‍රශ්න රාශියක්ද  ඔවුන්ගේ අසීමිතය  ප්‍රසිද්ධිය නිසා ලැබී ඇත.BTS කණ්ඩායමේ  සාමාජිකයන්ට ආදරය කිරීමට බාධාවන්  පවතී.තමන්ගේ පෙම්වතියන් සමග නිදහසේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් ආදරය කරමින් සිටින්න නොහැක.මෙයට හේතු ඇත්තේ ඔවුන්හුන්ගේ ප්‍රේක්ෂකයන් අතර බොහොමයක් පිරිස් කාන්තාවන් වීමත් බොහෝ කාන්තාවන් BTS කණ්ඩායමේ සාමාජිකයින් පෙම්වතුන් කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවීමත් නිසාය.යම්  ආකාරයකින් ඔවුන්ට පෙම්වතියන් සිටින බව දැනගන්නට ලැබුණොත් BTS කණ්ඩායමට පවතින ප්‍රසිද්ධියට  යම් ආකාරයකින් බලපෑම්  සිදුවීම්ට ඉඩකඩ ඇති නිසා.එපමණක්ම නොව  BTS කණ්ඩායමේ සාමාජිකයන්ගේ පෙම්වතියනට මරණ තර්ජනයන් පවා සිදුවීමට ඉඩ ඇත.

ලෝකයේ ප්‍රසිද්ධියට පත්වීම්ත් සමඟ සතුරන්ද නිර්මාණය වේ.BTS කණ්ඩායමට එවැනි බොහෝ සතුරන් ඇත.ඒ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් වුන් ඉදිරියෙන්ම සිටී. එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ  BTS කණ්ඩායමේ නිර්මාණයන් මගින් ඔහුගේ  ඒකාධිපති පාලනයට බලපෑමක් එල්ලවීමයි.  BTS කණ්ඩායමේ නිර්මාණ මගින් උතුරු කොරියානු රටවැසියන්ගේ මනස වෙනස්වීමේ හැකියාවක් ඇති බවට  උතුරු කොරියානු නායකයා විසින් විස්වාස කරයි.මේ නිසා වූ උතුරු කොරියාව තුළ  BTS කණ්ඩායමේ නිර්මාණයන්  තහනම්  වේ.උතුරු කොරියානු නායකයාට අවශ්‍ය වන්නේ BTS කණ්ඩායම සම්පූර්ණයෙන්ම  විනාශ කිරීමටය.පමණක් නොව අනෙකුත් සංගීත් කණ්ඩායම් මෙහෙයවන ආයතනද  BTS කණ්ඩායමේ සතුරන් වේ. BTS කණ්ඩායමේ අසීමිත ප්‍රසිද්ධිය හමුවේ අනෙකුත් කණ්ඩායම් වල ප්‍රසිද්ධිය ගිලිහී ගොස් ඇත. කෙසේ නම් BTS කණ්ඩායමට අවශ්‍ය උපරිම ආරක්ෂාව දකුණු කොරියානු  රජය  විසින්  සපයයි.

ලංකාවේ සිටින BTS කණ්ඩායේ රසිකයන්ට ඇති ගැටලුවක් වන්නේ  BTS කණ්ඩායම ශ්‍රී ලංකාව පිළිබඳව දැනුවත්ද  යන්නයි.සරලම  පැවසුවහොත් BTS කණ්ඩායම ශ්‍රී ලංකාව පිළිබඳව හොඳින්ම දැනුවත්ය.අතීතයේ ලංකාව යනු දකුණු  කොරියාවට වඩා  සමෘද්ධිාජය රාජ්‍යයකි. මේ හේතුව නිසා දකුණු කොරියානු වැසියන් තුළ  ශ්‍රී ලංකාව පිළිබඳ  යම් අවබෝධයක් ඇත.BTS කණ්ඩායමේ නිර්මාණයන් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම trending බවට පත්වේ.BTS කණ්ඩායමේ සාමාජිකයන්  තමන්ගේ ගීත වලට  ලැබෙන ප්‍රතිචාර පිළිබඳව හොඳ අවබෝධයකින් පසුවන පිරිසක් වේ. ඔහුන් අවස්ථා  කිහිපයක්දී ලංකාව  පිළිබඳව අදහස් ‍ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
වාර්තමානයේ පවතින කොරෝනා වසංගතය නිසා BTS කණ්ඩායමේ ප්‍රසංගයන් තාවකාලිකව  නවතා ඇත.2018 වර්ෂයේ ඇමෙරිකාවේ පැවැති ප්‍රසංගයකදී ටිකට්පත් වල මිල ගනන් ඇමරිකානු ඩොලර් 300 සිට 18000 දක්වා ප්‍රමාණයක පැවැත ඇත.ලෝකයේ වැ‍රසංගය ටික ප්‍රසංග පවත්වන කණ්ඩායම් අතර BTS කණ්ඩායම ඉදිරියෙන්ම සිටී

තවත් පුවත්