A Brand of Non Media Shout (Private) Limited

සනී ලියෝන්ගේ දියණියගේ උපන්දිනය

නිල් නිළියක් ලෙස කරළියට පැමිණ පසුව බොලිවුඩයේ සුරූපී නිළියක් බවට පත්වුණු සනී ලියෝන්ව නොදන්න කෙනෙකු නොමැති තරම්…ඇය නිල් නිළියක් ලෙස හංවඩු ගැහුවා වුණත්, “හිත

මිතුරන් සමග ‌බෙදාගන්න

නිල් නිළියක් ලෙස කරළියට පැමිණ පසුව බොලිවුඩයේ සුරූපී නිළියක් බවට පත්වුණු සනී ලියෝන්ව නොදන්න කෙනෙකු නොමැති තරම්…ඇය නිල් නිළියක් ලෙස හංවඩු ගැහුවා වුණත්, “හිත හොඳ නිළියක්” වුනු ඇය අනාථ දරුවන්ට වගේම, අසරණ පිරිස් බොහෝ දෙනෙකුට උපකාර කරන කෙනෙක්.

දරු පැටවුන් තුන් දෙනෙකුට හිමිකම් කියන සනීගේ පළමු දරුවා, ඇය හදාවඩා ගැනීමට ගත් අනාථ දරුවෙකු වීම ද විශේෂ යි.

නිෂා වෙබර් නම් වූ එම දියණියගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් සනී, ඇගේ මුහුණු පොතට ආදරණීය සටහනක් සමඟ ඡායාරූප කිහිපයකුත් එකතු කරලා තිබුණේ මෙහෙමයි.“නිෂා වෙබර් නම් මගේ විශේෂ දියණියට සුබ උපන්දිනයක්. ඔබට අද වයස අවුරුදු 6ක් වනවා. මට ඒක විශ්වාස කරන්න අමාරුයි. දැන් ඔබ ලොකු ගැහැනු ළමෙක්. ඔබේ තාත්තයි මමයි ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයයි අපේ ජීවිතේ ආලෝකය..!!”

 

තවත් පුවත්