නුවරඑළියේ බස් රථ අනතුරකින් 25ක් රෝහලට

නුවරඑළිය ප්‍රදේශයේ අද (11) අලුයම මාරක රිය අනතුරක් සිදු ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ බස් රථයක්. අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය නුවරඑළිය – ටොප්පාස් ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

තවත් පුවත්