A Brand of Non Media Shout (Private) Limited

IPL තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරයි

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් විය. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමිනි. තරඟයේ කාසිය

මිතුරන් සමග ‌බෙදාගන්න

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් විය.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමිනි.

තරඟයේ කාසිය වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 192ක් ලබා ගත්තේය.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් එහිදී ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 86ක් රැස්කළ අතර මොයින් අලි නොදැවි ලකුණු 37ක් රැස් කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කළ හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් පමණි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 51ක් රැස්කළ අතර වෙන්කටේෂ් අයියර් ලකුණු 50ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ෂර්දුල් ඨාකූර් කඩුලු 3ක් දවාගත් අතර ජොෂ් හැස්ල්වුඩ් කඩුලු 2ක් දවාගත්තේය.

මෙය චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අයි පී එල් ශූරතාවය ජයග්‍රහණය කළ සිව්වැනි අවස්ථාව වෙයි.

තවත් පුවත්