A Brand of Non Media Shout (Private) Limited

ලෝකේ හොඳම බිරිඳ ඉන්නේ මට

තමන් සතු හැකියාව භාවිතා කරලා අසරණ වෙච්ච ආදරණීය පුද්ගලයන්ට පිහිට වෙන  අපේ කාලයේ මානසික හදවතක් තියෙන කලාකරුවෙක් තමයි කීර්ති පැස්කුවල් මහත්මයා කියන්නේ. ඇත්තටම ඔහු

මිතුරන් සමග ‌බෙදාගන්න

තමන් සතු හැකියාව භාවිතා කරලා අසරණ වෙච්ච ආදරණීය පුද්ගලයන්ට පිහිට වෙන  අපේ කාලයේ මානසික හදවතක් තියෙන කලාකරුවෙක් තමයි කීර්ති පැස්කුවල් මහත්මයා කියන්නේ. ඇත්තටම ඔහු ගැන කතා කරද්දී ඕනිම ඕනෙම කෙනෙක් දන්නවා වාර්ෂිකව ඔහු විසින් සිද්ධ වෙන්නා වූ ඒ පුණ්‍ය කර්මයන් ගැන.

එතුමාගේ ගායන හැකියාව භාවිතා කරලා ඔහු විසින් ප්‍රසංග පවත්වලා පිළිකා රෝහල ඇතුළු උපකාර අවශ්‍ය කරන බොහෝ ස්ථානවලට රුපියල් මිලියන ගණන් වටිනාකමින් යුත් උපකරණ ලබාදීම සිදු කරනවා.ඇත්තටම මේක කලාකරුවන්ගෙන් කිසිම කෙනෙක් මෙතෙක් කරන්න පටන් ගත්තු වැඩක් නෙවෙයි.

අනේ නිසාම තමයි ගායකයෙක් විදියටත් මහන සිය හදවතක් තියෙන පුද්ගලයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් මේ සුන්දර පුද්ගලයාට ආදරය කරන්නේ.ඒ වගේම තමයි පසුගිය දවසක ඔහු පිළිකා රෝගීන්ගේ සුවය පතා ඇට මිදුළු බද්ධ කිරීම වෙනුවෙන් මුදල් ආධාර ලබා ලබාගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කරන්න තීරණය කළා.

ඉතින් මේ සියලුම දේවල් එක්ක ජනතාවට උදව් උපකාර කරගෙන යන මේ ගමනේදී  ඔහුගේ ජීවිතයට හෙවනැල්ලක් වගේ ඔහුගේ පිටිපස්සේ ඉන්නේ ආදරණීය බිරිඳයි.ඉතින් මේ ආදරණීය බිරිඳ ගැන කීර්ති පැස්කුවල් මහත්මයා කිව්වේ මේ වගේ කතාවක්.

මම මේ කිසිම කාන්තාවකට අගෞරව කරනවා නෙවෙයි මේ ලෝකෙ ස්වාමියෙකුට ලැබෙන්න ඕනි හොඳම බිරිඳ තමයි මට හම්බ වෙලා ඉන්නේ.එයා මගේ දින චර්යාව තේරුම් අරගෙන කාර්යබහුල ජීවිතය තුළ වුණත් ඒ කටයුතුවල නියැලෙන්නට අවශ්‍ය මානසික නිදහස මට ලබා දෙනවා.මගේ කෑම බීම ඇඳුම් පැලඳුම් ගැන දක්වන උනන්දුව ඒ හැමදේම හොයලා බලලා ලඟට දීලා මට සලකන විදිහ හිතලා බලපුහාම ඇය ගැන මගේ හිතේ ඇතිවෙන්නේ කියන්න බැරි තරම් ආදරයක්.ඕනම කෙනෙක්ට තම තමන්ගේ වැඩ වැඩ කටයුතු නිසි ලෙස කරගෙන යන්න ගෙදර තියෙන පරිසරය වගේම මානසික නිදහස වටිනවා.”

ඉතින් ඒ විදියට අදහස් දක්වන ඔහු කියන්නේ ජීවිත කාලය පුරාවටම තමන්ගේ ආදරණීය බිරිඳ තමන් වෙනුවෙන්ම කැප වෙච්චි ආදරණීය හදවතක් තියෙන කාන්තාවක් කියලයි.ඒ නිසාම මේ සුන්දර බැඳීම් එක තවත් බොහෝ කාලයක් ඔහුට ජීවිතය ගත කරන්නට හැකියාව ලැබේවා කියා  අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් පුවත්