A Brand of Non Media Shout (Private) Limited

”තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයො පාස්පෝට් පොලිමේ”- මන්ත්‍රී අලවතුවල

එදා බිත්තිවල, තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයින් රට අතහැර යන තත්ත්වයකට පත්ව ඇතැයි, සමගි ජන බලවේග මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි. ”එදා මේ රජය

මිතුරන් සමග ‌බෙදාගන්න

එදා බිත්තිවල, තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයින් රට අතහැර යන තත්ත්වයකට පත්ව ඇතැයි, සමගි ජන බලවේග මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි.

”එදා මේ රජය උද්ධාමයට පත් වෙලා බිත්තිවල , තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයො අද මොකද කියන්නේ අද පාස්පෝට් පොලිමේ ඉන්නවා රට දාලා යන්න. ඔන්න වෙනස”

ගොවින්ගේ පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, සාගතයෙන් රට මුදා ගැනීමට නම්, උඩගුබව පසෙකින් තබා වහාම තීන්දුව හකුලා ගන්නා ලෙසයි.

”රටේ ජනතාව වේලක් ඇර වේලක්වත් කන්න බැරි තැනකට පත් වෙලා තිබෙනවා. ගජ මිතුරන්නට හම්බකරන්න ඉඩ දීලා ජනතාව හුරා කන තැනට තලා පෙලා දාන තැනට මේ රට පත් කරලා තිබෙනවා”

තවත් පුවත්