A Brand of Non Media Shout (Private) Limited

ඇන්ජලෝ මැතිව්ස්ට උසස්වීමක්…

නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 03 ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු

මිතුරන් සමග ‌බෙදාගන්න

නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 03 ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු මේ වන විට පසුවන්නේ 17 වන ස්ථානයේයි.

කුසල් මෙන්ඩිස් ද නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ස්ථාන 02 ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු මේ වන විට පසුවන්නේ 49 වන ස්ථානයේයි.

කෙසේවෙතත් දිමුත් කරුණාරත්නගේ ශ්‍රේණිගත කිරීම ස්ථාන දෙකකින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ පළමු දස දෙනා අතර සිටි ඔහු මේ වන විට 11 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. දිනේෂ් චන්දිමාල් ස්ථාන 03 කින් පහළ ගොස් ඇති අතර නවතම ශ්‍රේණිගත කිරීමේ ඔහු පසුවන්නේ 18 වන ස්ථානයේයි. ස්ථාන 07 කින් පහත බැස ඇති නිරෝෂන් දික්වැල්ල මේ වන විට 54 වන ස්ථානයේ පසුවනවා.

නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ස්ථාන 04ක් ඉදිරියට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හැකිවී තිබෙනවා. ඔහු මේ වන විට පසුවන්නේ 31 වන ස්ථානයේයි. ඔහු දක්වාම හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට කිසිදු ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු ඇතුලත්ව නැහැ.

කෙසේවෙතත් අසිත ප්‍රනාන්දු ස්ථාන 13 කින් ඉදිරියට පැමිණෙමින් 43 වන ස්ථානයටත්, ස්ථාන 04 ක් ඉදිරියට පැමිණි ළහිරු කුමාර 47 වන ස්ථානයේත් පසුවනවා.

තවත් පුවත්