බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා.
දැනට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව යි එහි සභාපති සඳහන් කළේ.
එහෙත් ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට වෙළෙඳුන්ට ලබාදීම හේතුවෙන්, මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.