A Brand of Non Media Shout (Private) Limited

ණය ගෙවීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට සහනයක් දිය යුතුයි – සුබ්‍රමනියන් ස්වාමි

තවත් වසර 5 කින් පසු ණය ගෙවීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහනයක් ලබා දිය යුතු බවට ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා ට්විටර්

මිතුරන් සමග ‌බෙදාගන්න

තවත් වසර 5 කින් පසු ණය ගෙවීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහනයක් ලබා දිය යුතු බවට ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා ට්විටර් පණිවුඩයක් මගින් යෝජනා කර සිටී.

 

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති විදේශ ප්‍රතිපත්ති අලුත් කිරීමට කාලය එළැඹ ඇති බවයි.

ඉන්දීය විදේශ ලේකම් සහ විදේශ අමාත්‍ය ජයශන්කර් ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දු – ශ්‍රී ලංකා විදේශ සබඳතා පළුදු කළ බව මෙම ට්විටර් පණිවිඩයේ සඳහන් ය.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් පසුව 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කළේ ය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට එක්වූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළේ එවැනි පසුබිමකදී ය.

තවත් පුවත්