වර්ජනයේ නිරතව සිටින විදුහල්පතිවරුන්ගෙන් බලහත්කාරයෙන් යතුරු අත්පත් කර ගැනීමට දේශපාලනඥයින් පෙළඹී සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අද මාධ්‍ය මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ, රට පුරා විදුහල්පතිවරුන්ට තර්ජනය කිරීම් ඇති බවයි.
තව ද මේ වනවිට ළමයි 200ට අඩු පාසල්වල විදුහල්පතිවරුන්ට පොලීසිය දුරකතන ඇමතුම් දී පාසල් විවෘත කරන්නේ ද? නැද්ද යන්න විමසා ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
”සරත් විරසේකර කියන ආරක්ෂක ඇමතිවරයා මොනතරම් තර්ජනය කරනවාද? ඔහු යටතේ තමයි පොලිසිය තියෙන්නේ පොලිසිය යොදවලා මේ ආකාරයේ දුරකතන ඇමතුම් ලබාදිලා මේ කරන්නේ වක්‍රරාකාරයෙන් තර්ජනයක්”
මෙහිදී වර්ජනයට අදාළව ඇතැම් දේශපාලනඥයින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද ජෝසෆ් ස්ටාලින් මහතා මෙලෙස පිළිතුරු දුන්නේ ය.
”තිස්ස කුට්ටිආරච්චි කියන මන්ත්‍රීවරයා කියනවා. අපිව උලතියන්න ඕනේ ලු ගොල්ෆේස් එකට ගෙනිහිල්ලා උල තියන්න ඕනේලු. අපි කියනවා තිස්ස කුට්ටිආරච්චි කියන මන්ත්‍රීවරයාට ඔබ ඉස්සෙල්ලා මේ රටේ ළමයින්ට අවුරුදු දෙකක් අධ්‍යාපනය ලබාදෙන්න අසමත්වුණු ආණ්ඩුවට ඔබ දෙන දඬුවම මොකක්ද කියලා”