A Brand of Non Media Shout (Private) Limited

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්….

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර අද (25) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය. ලකුණු 275ක ඉලක්කයක් හඹා

මිතුරන් සමග ‌බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර අද (25) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.

ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 76ක් පමණි.

ඒ අනුව නවසීලන්ත පිල එම තරගය ලකුණු 198කින් ජය ගත්තේය.

ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කර තිබුණි.

තවත් පුවත්