A Brand of Non Media Shout (Private) Limited

මානසික පීඩාවට පත් නොකර දිරිමත් කරන්න: චාමික කරුණාරත්න

මෙවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ව මානසික පීඩාවට පත් නොකර දිරිමත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ

මිතුරන් සමග ‌බෙදාගන්න

මෙවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ව මානසික පීඩාවට පත් නොකර දිරිමත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (25) නවසීලන්තය සමග පැවැති පළමු තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි අවස්ථාවලදී ක්‍රීඩයින්ට සමාජ ජාල හරහා මඩ ප්‍රචාර සිදුකිරීම හරහා ක්‍රීඩකයින් මානසිකව පීඩාවට පත්වන බව චාමික පෙන්වා දුන්නේය.

“ඇත්තෙන්ම කනගාටුයි. ඉතිහාසයේ ගොඩක් වෙනස්කරපු ක්‍රීඩකයෝ ගෙනාපු රටක් තමයි ලංකාව. ඉතින් ඒ වගේ රටක් විදිහට අපි ඉන්නකොට අපි ලෝක කුසලානයට සුදුසුකම් නොලැබීම ගැන සතුටු වෙන්න බැහැ. සෑහෙන්න කනගාටුයි, සෑහෙන්න දුකින් ඉන්නේ. ක්‍රීඩාගාරයේ කට්ටියත් සෑහෙන්න දුකකින් ඉන්නේ. ඉතින් මේ වගේ අසීරු අවස්ථාවලදී සමහර වේලාවට සමාජ ජාල හරහා ක්‍රීඩකයින්ට මඩ වදිනවා. ක්‍රීඩකයෝ මානසිකව වට්ටන්න එපා.”

තවත් පුවත්