ඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයින් ඇල්ලීම නවතාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් අද (17) විරෝධතාවයක නිරත විය.
මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු 100ක් පමණ යොදාගනිමින් එම විරෝධතාවය පැවැත්වීමට උතුරු පළාතේ ධීවරයින් කටයුතු කළ බව අප වාර්තාකරු පැවසීය.
ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය ජාවාරම නවතාදමන ලෙසට හා ඉන්දීය ධීවරයින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් හා දැල්වලට හානි කිරීම්වලට විරුද්ධව විරෝධතාවය සංවිධානයකර තිබිණ.
වසර ගණනාවක සිට පවතින ඉන්දීය ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් උතුරු පළාතේ ධීවරයින් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද විරෝධතාකරුවන් පැවසීය.