A Brand of Non Media Shout (Private) Limited

මහේල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් උපදේශක පුහුණුකරුවෙක් ලෙස සිය සේවය ලබාදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් උපදේශක පුහුණුකරුවෙක් ලෙස සිය සේවය ලබාදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට යෙදෙන තරඟ සංචාර සඳහා මහේල ජයවර්ධන එක්විය යුතු බව සඳහන් නොවන බවයි.

උපදේශක පුහුණුකරු ලෙස ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහා සිය දායකත්වය උපාය මාර්ගික වශයෙන් සහ ක්‍රීඩකයින්ගේ දියුණුව සඳහා ලබාදීමත් පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින්ගේ වර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමත්, දේශීය ක්‍රිකට් ව්‍යුහය දියුණු කිරීමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඔහු ක්‍රීඩකයින් සමග එකතුවන්නේ එය සිදුවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළහොත් පමණක් බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්වල දියුණුව වෙනුවෙන් කැපවීම සඳහා ටෙස්ට් ක්‍රීඩා කරන වෙනත් රටකින් “පුහුණුකාර තනතුර භාරගන්නා” ලෙස ඔහුට ලැබුණු ආරාධනයක්ද මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

තවත් පුවත්