තමන්ට පැය 24 ක් තුළ රුසියානු – යුක්රේන අර්බුදය අවසන් කළ හැකි බව ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
සාම සාකච්ඡා මාර්ගයෙන් පැය 24 ක් තුළ රුසියානු – යුක්රේන අර්බුදය අවසන් කරන බව පැවැසුවත් එය සිදු කරන ආකාරය ට්‍රම්ප් සඳහන් කර නොමැත.
2024 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී තමන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් පැය 24 ක් තුළ රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීම තමාට ඉතාමත් පහසු කාර්යයක් බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.
තමන් පැය 24 ක් යුද්ධය අවසන් කරනු ලබන්නේ සාකච්ඡා මාර්ගයෙන් වුවත් එහිදී සාකච්ඡා කරනු ලබන කරුණ රහසක් ලෙස තබා ගන්නා බව ට්‍රම්ප් පවසා තිබේ.එම කරුණ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළහොත් තමන්ට එය භාවිත කිරීමට නොහැකි වනු ඇති බවත් ට්‍රම්ප් පෙන්වා දී ඇත.