A Brand of Non Media Shout (Private) Limited

ත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑ…

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60න් අඩුකර ඇති නිසා ත්‍රිරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බද

මිතුරන් සමග ‌බෙදාගන්න

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60න් අඩුකර ඇති නිසා ත්‍රිරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බද සමස්ත ලංකා ත්‍රි රෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා පැවසීය.

ත්‍රිරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමිටර 20ක් පමණ වන අතර පෙට්‍රල් ලීටරයකට රුපියල් 60ක් අඩුකිරීම නිසා කිලෝමීටරයකින් අඩු කළ හැක්කේ රුපියල් 3ක මුදලකැයිද දිසානායක මහතා කීය.

ටයර් මිල, නඩත්තු වියදම් හා පාරිභෝගික භාණ්ඩවල අධික මිල නිසාත් ත්‍රිරෝද රථවලින් ගමන් යෑම ජනතාව බොහෝ සේ සීමාකර ඇති නිසාත් මේ වන විට කර්මාන්තය කඩා වැටී ඇතැයිද දිසානායක මහතා කිවේය.

පෙට්‍රල් මිල අඩුවීම මත කිලෝමිටරයකින් රුපියල් 3 සහනයක් ත්‍රිරෝද හිමියාට ලැබුණු නමුත් අනෙකුත් අධික වියදම් සමඟ සසඳන කළ එය සොච්චමකැයිද ඔහු පැවසීය.

එම නිසා ත්‍රීරෝද රථ ගාස්තු කිසිසේත් අඩුකළ නොහැකි බවද මෙරිල් දිසානායක මහතා කීය

තවත් පුවත්