A Brand of Non Media Shout (Private) Limited

මට්ටක්කුලියේ ඝාතනයක්…

ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරෙදි තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට

මිතුරන් සමග ‌බෙදාගන්න

ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරෙදි තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාර පදිංචිව සිටි මොහොමඩ් සුදුර් මොහොමඩ් ඉර්ෆාඩ් 39 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී  පහරදීම සිදුකර සිදුකර සැකකරුවන් පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

බරපතල තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට මේ වන වනවිට අනාවරණය වී ඇති අතර ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් ද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මට්ටක්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තවත් පුවත්